Loading...
history plant nursery

අපගේ දැක්ම

එකම වහලක් යටතේ ඔබගේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පස සැකසීමේ සිට බෝග වගාව දක්වා සියලුම අවශ්‍යතා සපුරාලීමට අප බැදී සිටින්නෙමු.
vision plant nursery

අපගේ අරමුණ

දිවයිනේ අඩුම මිලට ඔබට සේවාව සැපයීම අපගේ ප්‍රධාන අරමුනයි. වඩාත් විශිෂ්ඨ සේවාවක් සැපයීම තුලින් ක්ෂේත්‍රයේ ඉදිරියටම ගමන් කිරීම මගින් ඔබගේ අවශ්‍යතා වඩාත් පුළුල්ව සැපයීමට අප ඉදිරියේදී කටයුතු කරන්නෙමු.

අපගේ ගමන් මග

1980 ආරම්භය

1980 දී පොල්වත්ත ප්‍රදේශයේ අක්කර 0.5 පමන ඉඩකින් යුත් භූමියක තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලදී .

1984 ව්‍යාප්ත වීම

පැල තවාන් ව්‍යපාරය තවත් අක්කර 1 පමන ඉඩමක් මිලට ගෙන ව්‍යාප්ත කරන ලදී. 5 දෙනෙකුගෙන් සමන්විත සේවක පිරිසක් එම භූමියට යොදවන ලැබීය. එම භුමියේ පලතුරු පැල සහ මල් පැල වගාව ආරම්භ කරනු ලැබීය.

1988 ජංගම පැල විකිණීමේ ක්‍රමය හදුන්වා දීම

ජංගම ලොරි රථ මගින් පැල නිෂ්පාදන අලවි කිරීම ආරම්භ කිරීම. ලොරි රථ 1ක් මගින් ආරම්භය සිදු කරන ලදී.

1991 ජංගම පැල විකිණීම ව්‍යාප්තිය

ජංගම පැල විකිණීමේ ලොරි රථ ප්‍රමාණය 5ක් දක්වා වැඩි දියුණු කර ඒ වෙනුවෙන් අමතර 20ක් වන සේවකයන් ප්‍රමාණයක් යොදවන ලදී.

1997 භුමිය ව්‍යාප්ත වීම

ගම්හප ප්‍රදේශයේ විශාල භුමි බාගයක් තුල පලතුරු මව් ශාක රෝපණය ආරම්භ කිරීම. ඒ මගින් පලතුරු පැල බද්ධ කිරීම වැඩි දියුණු කරන ලදී.මේ සදහා අතිරේක සේවකයන් 25 පමන යොදවන ලදී.

1998 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සම්බන්ද වීම

පැල තවානේ ව්‍යාප්තිය සහ ගුණාත්මක බව නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැල තවානක් බවට පත් විය.

2004 භුමිය ව්‍යාප්ත වීම

පාදුක්ක ප්‍රදේශයේ විශාල භුමි බාගයක් තුල සියලුම වර්ගයේ පැල රෝපණය කිරීම ආරම්භ කිරීම. ඒ මගින් පලතුරු පැල බද්ධ කිරීම වැඩි දියුණ.මේ සදහා අතිරේක සේවකයන් 30 පමන යොදවන ලදී.

2006 මල් බදුන් නිෂ්පාදනය සහ දිවි නැගුම

පාදුක්ක ප්‍රදේශයට අයත් භුමි බාගයේදී මල් බදුන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලදී. දිවි නැගුම ව්‍යාපෘතිය සදහා පැල ලබා දෙමින් දායකත්වය ලබා දෙන ලදී.

වර්තමානය

වර්තමානය වන විට දිවයිනේ ප්‍රමුඛ පෙලේ පැල තවානක් ලෙස වැඩි දියුණු වී ඇත. බෝග සහ ගෙවතු වගාවේදී අවශ්‍ය වන පැල පොහොර උපකරණ මල් බදුන් ඇතුළු සියලු නිෂ්පාදනයන් එකම ස්ථානයකින් මිලදී ගැනීමට හැකියාව ඇත. අද වනවිට අප පැල තවානේ අනුග්‍රහය මත පවත්වාගෙන යන කුඩා පරිමානයේ පැල තවාන් 100 කට අධික ප්‍රමාණයක් දිවයින පුරා විසිරි පවතී.

About us and plant nursey hisory with milestones points by polwatta plant nursery in sri lanka which have high growing specialized in agriculture service is at capital city colombo.Best place for buying and selling variety of flower plants, fruit plants,shrubs,flowers, tree plants,orchids,planting material,ladscapes,ladscapes materials,garden service for best wholesale and retail price, with best quality and range of plant variety .Our goal is to deliver plants in our stock department under best conndition to customers and be the best nurseries plants in sri lanka.we follow best produces to propagate plants.You can buy your all agricultural needs under one hood.Use this guidelines to get an idea how to start a plant nursery in our context. please contact polwatta plant nursery for more details.