බහුවාර්ෂික පලතුරු බෝග :
බොහෝ පලතුරු බෝග වෙනත් වාර්ෂික බෝග මෙන් නොව තම ජීවන කාලය වර්ෂ ගණනාවක් තුල පවත්වා ගෙන යනු ලැබේ.මේ නිසා පලතුරු සදහා කාබනික පොහොර යෙදීම වාර්ෂික බෝග මෙන් පැළ හෝ බීජ සිටුවීමේදී මූලික පොහොර ලෙස පමණක් යෙදීම ප්‍රමාණවත් නොවේ.
- පලතුරු පැල සිටුවීමේ දී වලකට කොමිපෝස්ට් කූඩා 1-2 ක් යොදා හොදින් පස සමඟ කලවම් කරන්න.
- පැල සිටුවීමේ දී රසායනික පොහොරද යොදා පස සමඟ කලවම් කරන්න.
- ඊට පසු මාස 6කට වරක් නැවත කාබනික පොහොර හා රසායනික පොහොර දෙවර්ගයම යොදන්න.
- වැඩුණු පලතුරු ගසක් සදහා ද කාබනික හා රසායනික පොහොර යෙදිම මාස 6 කට වරක් සිදු කරන්න.
- එහිදී වැඩුණු පලතුරු ගසක් සඳහා කාබනික පොහොර කූඩා 3 - 4 ක් ගසකට යොදන්න.
- පලතුරු සඳහා කාබනික පොහොර යෙදීමේදීද නිර්දේශිත රසායනික පොහොර ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුකර යෙදිය හැකිය.
- කාබනික පොහොර යෙදීමේදී ඒවා පසට එක්කර හොඳින් මුල්ලු කරන්න.
- වර්ෂාව ආරම්භ වීමත් සමඟ පලතුරු සඳහා පොහොර යෙදීම වඩාත් සාර්ථක වේ.
කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම යෙදීම :
පොහොර යෙදීමේ වඩත් සාර්ථක ක්‍රමය කාබනික පොහොර හා රසායනික පොහොර දෙවර්ගයම යෙදීමයි.කාබනික පොහොර යෙදීමේදී ඒ සමඟ මූලික , ද්විතික හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය එක්වීම නිසා යොදනු ලබන රසායනික පොහොර ප්‍රමාණය අඩුකර යෙදීය හැකි අතර , බොහෝවිට ද්විතික හා අංශුමාත්ර මූලද්‍රව්‍ය රසායනික පොහොර ලෙස යෙදීමට අවශ්‍ය නොවනු ඇත.මෙලෙස කාබනික පොහොර හා රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කිරිම "ඒකාබද්ධ පැළෑටි පෝෂණ ක්‍රමවේදය " ලෙස හැදින්වේ.මෙම ක්‍රමවේදය වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා පොහොර භාවිතා කිරිමේ වඩාත් නිවැරදි හා සාර්ථක ක්‍රමය ලෙස පිළිගැනේ.
විවිධ බෝග ආශ්‍රිතව සිදුකරන ලද පර්යේෂණ ගණනාවක් මඟින් පෙනී ගොස් ඇත්තේ ,කාබනික පොහොර හ රසායනික පොහොර දෙවර්ගයම යෙදීම තුලින් කාබනික පොහොර පමණක් හෝ රසායනික පොහොර පමණක් යෙදීමට වඩා වැඩි අස්වැන්නක් හා වැඩි ලාභයක් ලබා ගතහැකි බවයි.
ඒකාබද්ධ පැළෑටි පෝෂණ ක්‍රමවේදයේ වාසි:
- කාබනික පොහොර පමණක් හෝ රසායනික පොහොර පමණක් යොදා සිදුකරනු ලබන වගාවන්ට වඩා වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි වීම.
- වගාව ආර්ථික වාසිදායක වීම.
- යොදනු ලබන රසායනික පොහොර ප්‍රමාණය අඩු කර යෙදිය හැකි වීම.
- පසේ පෝෂ්‍ය පදාර්ථ ප්‍රශස්ථ තත්වයෙන් පවත්වා ගතහැකි වීම.
- පසෙන් පෝෂ්‍ය පදාර්ථ සේදී අපතේ යාම අඩුවීම.
- පස සාරවත් වීම.
- බෝගවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වර්ග සියල්ලම පාහේ ලබාදීමේ හැකියාව.
- කාබනික පොහොර යෙදීම නිසා පසේ බුරුල් බව ඇතිවීම.
- යොදනු ලබන රසායනික පොහොර දියවී භූගත ජලයට එක්වීම අවම වීම