Loading...

බොහෝ දෙනෙකුට ඇති ගැටළුව නම් විසිතුරු මල් පැල වගාවන් හිදී නිවැරදි අස්වැන්න නොලැබීමයි.එයට හේතු ගණනාවක් බලපායි.

  • කාලගුණ තත්වයන්ට අනුකූල නොවන අයුරින් පැල සිටුවීම.
  • කෘමිනාශක, දීලිර නාශක වර්ග නිවැරදි පොහොර වර්ග නොදීම
  • පැල වර්ගයෙන් වර්ගයට අදාලව පස් මිශ්‍රණය සදා නොගැනීම
  • නිවැරදි අයුරින් කප්පාදු නොකිරීම

අනෙක් පැල වර්ගයන් මෙන්නොව විසිතුරු මල් පැල වගාවන්හිදී සියුම් ආකරයට පැලය නිරීක්ෂණය කරමින් එක් එක් අවදියන්හිදී අදාළ ප්‍රතිකර්ම යොදමින් වර්ධනය කර ගත යුතුය.

ජෙබරා , පෙටුන්යා , බිගෝනියා , කුඩලු වැනි ජලයට ඔරොත්තු නොදෙන මල් පැල අනිවාර්යෙන්ම වැලි කොටස් දෙකක් සහ කොම්පෝස්ට් කොටස් එකක් යෙදීමෙන් වගා කල යුතුය.

එවැනි පැලවලට අනිවාර්යෙන් ආරක්ෂාකාරී දීලිර නාශක හෝ පාංශු දීලිර නාශක යෙදිය යුතුය.ප්‍රමිතියකින් යුත් පොහොර දින 10 කට වරක් යෙදීමෙන් වඩා සාර්ථක ප්‍රතිපල ලබා ගත හැක.

රෝස වගාවේදී මල් පරවීමෙන් පසු මුලින්ම අගල් 6ක් පමන දුරින් අතු කප්පාදු කල යුතුය.අලුතින් හටගන්නා දල්ල මෝරන අවඩිය වනතෙක් අතරින් පතර කෘමිනාශක යෙදීම අනිවාර්යයි.සුදුසු මල් පොහොර සති 2 කට වරක් යෙදිය යුතුය.වියලි ගොම පොහොර කාබනික පොහොරක් ලෙසට යෙදීමෙන් සුවිශේෂී ප්‍රථිපල ලබාගත හැක.

බෝගන්විලාද ඒ ආකාරයෙන්ම මල් හට ගැනීම අවසන්වූ පසු අතු කප්පාදු කල යුතුය.වියලි කාලගුණ තත්වයන් හිදී පහසුවෙන් අස්වැන්න ලබා ගත හැකි වුවත් වර්ෂාපතනය සහිත කාලයන් හිදී අස්වැන්න ලබා ගැනීම තරමක් අසීරු වෙයි.

මේ පිළිබද වැඩිදුර විස්තර අප ආයතනයෙන් ලබා ගත හැක.

Gudelines and tutorials given by polwatta plant nursery in sri lanka which have high growing specialized in agriculture service is at capital city colombo.Best place for buying and selling variety of flower plants, fruit plants,shrubs,flowers, tree plants,orchids,planting material,ladscapes,ladscapes materials,garden service for best wholesale and retail price, with best quality and range of plant variety .Our goal is to deliver plants in our stock department under best conndition to customers and be the best nurseries plants in sri lanka.we follow best produces to propagate plants.You can buy your all agricultural needs under one hood.How to panting a plant (any kind of plant) simple tutorial and step by step guidline for garden nursery and home nursery.please contact polwatta plant nursery for more details.